අසිරිමත් වූ නැණ ගඟේ..
උඩුගම් බලා යන පරපුරේ
නිවහනයි
හිනිදුම් ඇසිපිය සෙවණේ
මල් පුබුදුවන සරුබිමයි.... සරුබිමයි
නව දැනුම් ලොව විජය නංවන
පරපුරක සේසත..
හෙටත් අද මෙන් දරා දිදුලමු
ඒ අපේ සම්පත... ඒ අපේ සම්පත
ගං ගනී අස විසල් වන හිස
කන්නෙලිය පාමුල
දූ පුතුන්ගේ පහන් ගිර වූ
ප්‍රදීපාගාරය... ප්‍රදීපාගාරය





