උඩුගම අධ්‍යාපන කලාපය, ගිං ගං මිටියාවතේ උඩුගම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇත. මෙහි පරිපාලනය තවලම, මාපලගම, යක්කලමුල්ල යන කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශ 03 ක් සහ නෙළුව, තවලම , මාපලගම, යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 ක් ආවරණය කරමින් පැතිර පවතී.
උඩුගම අධ්‍යාපන කලාපයේ පාසල් පද්ධතිය පාසල් 78කින් සමන්විත වන අතර එය ජාතික පාසල් 3ක් පළාත් සභා පාසල් 75ක් ලෙස වර්ග වේ. කලාපය තුළ මහ පිරිවෙන් 02ක් හා මූලික පිරිවෙන් 07ක් පිහිටා ඇත. පාසල්වලට අයත් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 27284 වන අතර අධ්‍යන කාර්ය මණ්ඩලය 1627 අනධ්‍යන කාර්ය මණ්ඩලය 168 වශයෙන් පුද්ගල සංඛ්‍යාව වර්ගීකරණය වේ.
පාසල් අධ්‍යාපන සමාජ තත්ත්වය වෙනස් කර ගැනීමේ උපාය මාර්ගයක් ගණයෙහි ලා ක්‍රියාකරනු ලබන බහුතරයක් සිටීම හේතුවෙන් මෙන්ම අධ්‍යාපනයට අනුබල දෙන සමාජ වටපිටාවක් හේතුවෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අ.පො.ස. (සා/පෙළ) විභාගය යනාදියෙහි ප්‍රතිඵල ක්‍රමිකව ඉහළ නැංවී තිබීම නිරීක්ෂණය කළ හැකි කරුණක් වේ. එසේම වතු ආශ්‍රිත ප්‍රජාව ද ඉහළ අගයක් ගැනීම මත නොවිධිමත් අධ්‍යාපන අවස්ථා සාක්ෂරතා පන්ති යනාදිය ද සක්‍රියව ක්‍රියාත්මක වීම ද නිරීක්ෂණය වේ.
දකුණු පළාතට අයත් කලාප අතුරින් වැඩිම ශිෂ්‍ය ගලනයක් ඇති කලාප වලින් එකක් ලෙස උඩුගම අධ්‍යාපන කලාපය පෙන්වා දිය හැකි වේ. වඩාත් පහසු පාසල් බොහෝමයක් පිහිටා ඇති ගාල්ල, මාතර යන ප්‍රධාන නගර ආශ්‍රිත පාසල්වලට සිසුන් 6 ශ්‍රේණිය 12 ශ්‍රේණිය සඳහා ඇතුළත් වීට ඊට හේතුවයි. ගාල්ල අධ්‍යාපන කලාපයටද, අකුරැස්ස අධ්‍යාපන කලාපයටද මායිම්ව පිහිටා තිබීම ද ශිෂ්‍ය ගලනය ඉහළ මට්ටමක පැවතීමට හේතු වේ.
අධ්‍යාපන කලාපය තුළ භූගෝලීය තත්ත්වය සැලකූ විට විෂම භූගෝලීය තත්ත්වයක් සහ තෙත් කලාපීය දේශගුණික තත්ත්වයක් සහිත ස්වභාවික රක්‍ෂිත , දිය ඇළි , ගංඟා , කඳු මිටියාවත් යනාදිය සුවිශේෂී වේ.
ආරම්භයේ සිට මේ දක්වා කටයුතු කළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ තොරතුරු පහත දැක්වේ.
- එම්.එස්.කුමාරසිංහ මයා (1988.11.02 - 1991.06.21)
- එන්.ඉලේපෙරුම මයා (1991.06.24 – 1994.04.20)
- ජී.එල්.අබේවික්‍රම මයා (1994.04.22 – 1995.04.17)
- ඩබ්.කේ.කුලතුංග මයා (1995.04.19 – 1997.09.25)
- ජී.එල්.අබේවික්‍රම මයා (1997.09.26 -1997.11.17)
- එච්.කේ.බන්දුසේන මයා (1997.11.18 – 1999.01.13)
- එන්.ජේ.කරුණාදාස මයා (1999.01.14 – 2002.10.14)
- ඩබ්.ජී.ජී.ඒ.පියවතී මිය (2002.10.15 – 2005.05.09)
- ඩබ්.මානවඩු මයා (2005.05.10 – 2007.01.29)
- ඩී.එස්.නන්දසේන මයා (2007.01.30 – 2013.08.24)
- එන්.පී.ඒ.ඒ.පියසෝම මයා (2013.08.26 – 2020.12.31)
- අසේනි ඩී. පරණවිතාන මිය (2021.01.01 සිට 2023.01 )





